සිතුවම් කලාව
සිරිලක ප්‍රාග්යුග සිතුවම් කලාව
ශ්‍රී ලංකාෙවි ආදීවාසීන් නමන් වාසය කළ ගල්ලෙන්
බිත්්තිමත සිතුවම් ඇඳ ඇත. එයින් එවකට සමාජය පිළිබඳ යම් යම් ඉගිද ලබාගත හැකිය. සත්ව විවිධත්වය,යන්ත්‍ර මන්ත්‍ර ඇදහිලි ක්‍රම, අලංකරණය,භුතාත්ම ගලවා ගැනීම,දඩයම් සරු කර ගැනීම හා විෙවිකය ගතකිරිම යන දෑ අරමුණු කර ගනිමින් සිතුවම් ඇඳ ඇති බවක් පෙනේ.
මේ සිතුවම් වලින් ශ්‍රී ලංකාෙවි චිත්‍ර කලාෙවි තිඹිරිගෙය සනිටුහන් කරයි.ඔවුන් මෙම සිතුවම් ඇඳීමේදී අලු,කෙයෝලින් මැටි, හිරිගල්,මිණිරන්,හුණු ආදිය වර්ණ ලෙස භාවිතා කොට ඇත. චිත්‍ර ඇඳීමට ඇඟිල්ල භාවිතා කොට ඇත.ඇතැම් ආදීවාසීන් අලු වලට කෙළ යොදා සායම් කොට ඇති බවත් පුරාවිදු මතයයි. තවද පුරුෂයන් දඩයමේ ගියවිට කතුන් සිතුවම් ඇඳ ඇති බවටද මත පහළ වී ඇත.මේ ප්‍රාග්යුගයේ සිටි අය රතු වර්ණ උදෙසා සතුන්ගේ ලේයොදා ගෙන ඇති බව සාක්ෂි ලැබී ඇත. මේ සිතුවම් අතර සත්ව හා මානව රූප විශාල වශයෙන් දැකිය හැකිය.ඒ අතර අලියා,කොටියා,මුවා.ගෝනා,ගවයා,සිංහයා,වඳුරා,කිඹුලා,මොනරා,ආදී සතුන්ද තලගොයා,පත්තෑයා වැනි සතුන් හා හඳුනා නොගත් සතුන්ද සිතුවම් කොට ඇත.
මේ අතර පහත සඳහන් ස්ථාන මුල් තැනක් ගනී.- කොත්මලේ
- බණ්ඩාගල්ගේ
- බිබිලව
- අලුගල්ගේ
- රාජගල කන්ද
- පිහිල්ලේගොඩ ගුහාව
- කහරු පොකුණ
- කුඩුම්බිගල
- ගනේම
- කොනෙට්ටේගොඩ
- ගොනාගොල්ල
- අරුන්ගොඩගල
- ආඬියාගල
- බුදුගල
- කොමාරිකා ලෙන
- කිරිපොකුණ
- ලෙනව
- හුලනුගේ
- සන්ගමන් කන්ද
- රජගල
කොන්ගරායන්කුළම
No comments:
Post a Comment