ආලෝකානුවාදීන්
(උපස්ථීතිවාදීන්)
පුබුදු යුගයේ උච්චතම අවධියට පැමිණ තිබූ ස්වාභාවිකවාදී ඇදීෙමි සම්ප්‍රදායෙන් හෙම්බත් බවට පත් වී සිටි .කලා රසිකයන්ට නව ශෛලියකින් යුතු කලාවක අවශ්‍යතාවය දැනුණි .එබැවින් 19 වන සියවසේදී කලා කුටියකට වී යම් යම් දේ ඇඳීමට වඩා එළිමහනට පැමිණ යම් වස්තුවක් මත එම වස්තුව වර්ණයෙන් දිස්වන ආකාරයත් ඒ ඒ වෙලාවන් අනුව මනාව නීරීක්ෂණය කොට ඒවා චිත්‍රයට නැගීමත් සිදුවේ. ඒ අනුව උදයේත් දහවලත් සන්ධ්‍යාවේත් එම වස්තූන් මත ආලෝකය පතනය වන ආකාරය ඔවුන් අධ්‍යයනය කළෝය .
එහෙයින් මීට පෙර කලාකරුවන් ගේ චිත්‍ර මාතෘකාවලට වඩා දෛනික ජීවන වගන්ති හා භූමි දර්ශන චිත්‍රයට නැගීය .එහිදී ගණිකාවන් පාදඩයන් සුරා සොඩුන් දුම් බොන්නන් පළතුරු බදුන් වැනි මාතෘකාවන් ඔවුන් සිතුවමට නැගීය .එසේම චිත්‍ර වර්ණ ගැන්වීමේදී පින්සලෙන් වර්ණ ඵළකයේම මිශ්‍ර කොට තලයේ ආලේප කිරීම වෙනුවට කැන්වසයේම දෙපැත්තෙන් හෝ වර්ණ ඔලක පිහියෙන් ඇතිල්ලීමෙන් අවශ්‍ය වර්ණ යොදාගත්තේය. එසේම එම මූලික වර්ණ පදාසයන් තැනින් තැන දිස්වීම මෙහි විශේෂත්වයයි. මේ නිසා මුල් ක්‍රමයට අනුව ඉතාම සියුම්ව පෙනෙනා සේ වර්ණ ආලේප කිරීමේ ක්‍රමය ඉවත් වී වෙනස් ස්වභාවයක් චිත්‍රයට කාවැද්දීමට මේ ආලෝකානුවාදීන් හෙවත් උපස්ථීතිවාදීන් සමත් වී ඇත.
එපමණක් නොව චිත්‍රයෙහි රේඛා යෙදීමෙන් තොරව පින්සලෙන් වර්ණ ගා කෙලින්ම ඇඳීම සිරිත විය. ඇතැම් වර්ණ පෙනෙන්නේ රසිකයා ඈත සිට බැලු විට පමණි .නිදසුනක් ලෙස කොළ වර්ණය අවශ්‍ය වූයේ නම් කහ වර්ණයත් නිල් වර්ණයත් දෙපැත්තේ යොදා වර්ණ දෙක එකට ගැටෙන සේ ඉහළට පහළට ඵලක පිහියෙන් හා පින්සලෙන් හෝ ඇඳීමයි .මේ ක්‍රමය ඒ යුගයේ දී දැඩි දෝශයට ලක් විය. නමුත් උපස්ථීතිවාදීන්ගේ අරමුණ වූයේ කැමරාව පැරදවීමත් හා නව අර්ථයක් ඇති කිරීමත්ය. එබැවින් පසු කාලීනව උපස්ථීතිකවාදීන්ට ප්‍රකට තැනක් සිතුවම් කලාව තුළ හිමි විය .
මෙම ආලෝකානුවාදීන්ගේ ආරම්භකය වන්නේ එඩ්වාඩ් මැනේය .ඊට අමතරව ක්ලෝඩ් මොනේ ,එඩ්ගාර් ඩෙගා ,පියරේ එගස්ට් රෙනුවා හා ඇල්ප්‍රඩ් සිස්ලි ය.
එඩ්වාඩ් මැනේ(1837-1887)
මොහුගේ තණබිමේ දිවා භෝජනය ගැනීම සිතුවම මුල්ම ආලෝකානුවාදී සිතුවම වේ. මීට අමතරව දේව දූතයන් සමග මිය ගිය ක්‍රිස්තුස්වහන්සේ අවාන සහිත කාන්තාව මනේගේ කලාකුටිය වන ඔරුවේ සිට සිතුවම් කිරීම ස්ටෙෆාන්මැලාර්මිගේ ප්‍රතිරූපය මොහු ඉතාම අගනා කෘතීන් ලෙස පෙන්වා දිය හැකිය .ක්ලෝඩ් මොනේ (1840-1926)
මොහු භූමි දර්ශන ඇඳීම බොහෝ සේ ප්‍රිය කළ ශිල්පියෙකි .දර්ශන පථයට ගොස් ආලෝකය වෙනස් වන තෙක් චිත්‍රය ඇඳ වෙනස් වූ විට වෙනත් චිත්‍රයක් ඇඳීමේ සම්ප්‍රදාය මොහු තුළ තිබිණ. එබැවින් රෝමන් දේවස්ථානය මෙසේ 26 වතාවක්ද, වෝටර්ලූ පාලම 16 වතාවක්ද මොහු ඇඳ ඇත. මොහුගේ නිර්මාණ අතර පහත සඳහන් ඒවා මුල් තැනක් ගනි.1.මුහුදු වෙරළ
2.ශීත ඍතුව
3.ගංගාව
එඩ්ගාර් ඩෙගා(1834-1917)
මොහු නළු නිළියන් කම්කරුවන් ඇදුම් මදින්නන්, ඇදුම් මහන්නන් ,හා නැටුමට සැරසෙන ආකාරය නිළියන්ගේ සුකුමාර දේහ මත ආලෝකය වැටී දිළිසෙන ආකාරය නිරූපණය කිරීමට දැඩි කැමැත්තක් දක්වා ඇත. මේ නළු නිලියන් පැති කිහිපයකින් පෙනෙන ලෙසත් ඇතැම් දර්ශන ඈතින් පෙනෙන ලෙසත් ඇතැම් දර්ශන ළගින් පෙනෙන ලෙසත් දක්වා ඇත .මොහු තෙල් සායම් හා පැස්ටල් මාධ්‍යය භාවිතා කොට ඇත. මොහුගේ කෘති අතර ඔයැ The Glass of Absinthe නම් යුවලක් කථා කර සිටිනු දැකිය හැකිය. එසේම එඩ්ගාගේ Prima Ballerií නම් සිතුවමේ පියාඹන ආකාරයෙන් නටමින් ඉදිරියට එන ගැහැනියක් නිරූපණය කොට ඇත. මෙය පැස්ටල් භාවිතයෙන් නිම කර ඇත. The Tub නැමැති සිතුවෙමි ෙබිසමක බැස සිටින නිරුවත් ගැහැණියක් දක්වා ඇත. ගැහැනියගේ ශරීරය දිලිසෙන ආකාරයෙන් වර්ණ යොදා ඇත.
පියරේ ඔගස්ටි රෙනුවා (1841-1919)
මොහු මානව රූප හැඩ සිතුවමට නැගීය. තමා අදින ලද රූප වලට අදික සූර්යයා ලෝකය පතිත වන ආකාරයෙන් හා තාත්විකව හැඩ දැක්වීමෙලා දැඩි පයත්තයක් ගෙන ඇත. මොහුගේ කෘතීන් අතර1.බෝටටුවක ආහාර ගැනීම
2.නාන ළදුන් තිදෙනා මුල් තැනක් ගනී.
බෝට්ටුවක අසුන් ගත් ස්ත්‍රී පුරුෂ පිරිසක් ඉතාමත් පී්‍රති දායක ලෙසින් ආහාර ගන්නා ආකාර බෝට්ටුවක ආහාර ගැනීම නම් සිතුවමින් නිරූපිතය
ඇල්ප්‍රඩ් සිස්ලි
මොහු ගැඹුරු හා දීප්තිය මතු කිරීමට උත්සාහය ගෙන ඇති බව පෙනේ .දිය රුලි වලස්වාභාවය සූර්යාලෝකය ශාක ආදිය මොහුගේ සිතුවමට ලක් වී ඇත. ඇද ගෙන යන බෝට්ටුව
මොහුගේ අනගි කලා කෘතියකි.
ආපසු පිටුවට ඊළග පිටුවට
madushibandara91@gmail.com